නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් සහ දුම්වැටි තොගයක් සොයා ගැනීමට ගම්පහ පොලිසියට හැකිවුණා.
ජා ඇල කොටුගොඩ වෙළෙඳ සැලක් තුළ ගබඩා කර තිබියදී තිරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි 40,000ක් සහ විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 17ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකාරියක අත්අඩංගුවට ගත් අතර ඇය වැලිසර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saru FM Media