ශ්‍රී ලංකා රේගු නිලධාරීන් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වටලා තිබේ.
ඒ මෙරටට ගෙන්වන ලද සැකසහිත බහාලුමක් පරීක්ෂා කිරීමේදීය.
2025 වසරේ නොවැම්බර් මස ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද මෙම බහාලුමට අදාල ලේඛන වල සඳහන්ව තිබී ඇත්තේ ‘ඇඳ ඇතිරිලි’ ලෙසයි.
බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ලිපිනයකට අදාළව මෙම බහාලුම් ගෙන්වා ඇතැයි විමර්ශන වලින් හෙළි වී තිබේ.මෙම නීතිවිරෝධි දුම්වැටිවල වටිනාකම රු. මිලියන 507ක් වන අතර මෙලෙස දුම්වැටි ගෙන්වීමෙන් රජයට අහිමිවී ඇති බදු ආදායම රු. මිලියන 460ක් වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
Saru News
















