“අම්මා, ඇයි මේ මට බිත්තර භාගයක්… මල්ලිට නම බිත්තරේම දීලා..”
“අනේ දුව ඕක ඒ තරම් දෙයක්ද ? තිබුනු බිත්තර දෙක හැදුවේ, පිරිමි ළමයින්ට හොඳට කන්න ඕනේ නිසා නංගිටයි ඔයාටයි භාගේ භාගේ දීලා, මල්ලිට එකක් දුන්න”
මේ ඉස්සර කාලේ ගෙවල්වල පැවතුනු තත්වයක්. අද වෙනකොට මේ තත්ත්වේ හාත්පසින්ම වෙනස් වෙලා. ඒත් ගැහැනු දරුවන්ට වඩා වැඩි පෝෂණයක් පිරිමි දරුවන්ට අවශ්‍යයි කියලා හිතන අය අදටත් අප සමාජයේ ඉන්නවා.
ගැහැනු පිරිමි භේදයකින් තොරව දරුවන්ට මනා පෝෂණයක් ලබා දීම බොහොම වැදගත් කරුණක්. නිසි පෝෂණයක් නොමැති උනොත් දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික සංවර්ධනය අඩාල වෙන බව ඔය දන්නා කරුණක්. දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීම යන්නෙහි අදහස වන්නේ පෝෂණීය බවින් අනුන අහාර ලබාදීමයි. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇතැයි බොහෝ මව්වරුන් සිතුවද නිසි පෝෂණය සහිත ආහාර වේලක් අඩු මුදලකින් සකසා ගත හැකිය. ඔබ විශාල මුදලක් වැය කොට මිලදී ගන්නා ක්‍ෂණික ආහාරවලින් දරුවන්ට සිදුවන යහපතක් නැත.
ඔබේ දරුවාට
පොදුවේ සැම දරුවෙක්ම නිසි පෝෂණයක් ලබා ගත යුතු වුවද නිසි පෝෂණයක් නොලැබූ ගැහැනු දරුවෙකු සංකුලතා රැසකට භාජනය වීමේ අවධානමක් පවතී. මතු දිනෙක මවක වන නව යොවුන් ගැහැනු දරුවාට නිසි පෝෂණයක් නොමැති කමින් ඇඇත. එය දාමයක් ලෙස උපදින දරුවාට බලපෑම් ඇති කරවන අතරම සමාජයටද බලපාන හේතුවක් වනු ඇත.
වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් මසකට වරක් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන නිසා වැඩි වශයෙන් යකඩ,ප්‍රෝටීන සිරුරට අවශ්‍ය වේ. අතීතයේදී මේ හා සම්බන්ධ බොහොමයක් මිත්‍යා මත පැවතුනද මස්, මාළු, බිත්තර මේ කාලයේදී ගැහැනු දරුවාට ලබාදීම අත්‍යවශ්‍යය. මේ ආකාර වූ නිසි පෝෂණය නොලැබී යාම නිසා මතු දිනක මව්පදවිය ලබන ගැහැනු දරුවන්ට පහත දක්වා ඇති සංකුලතා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.
Saru FM Media