හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකාවට

0
8

හොංකොං සික්සස් සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හොංකොං සික්සස් බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පෙරවරු 11.30ට පමණ ඇරඹුණි.

එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 06 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය. එහිදී සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගනු ලැබීය.

ලකුණු 107ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 85ක් පමණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here