හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (26) පස්වරුවේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 36ක් දක්වා ඉහළගොස් තිබේ.
කෙසේ නමුත් තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ.
ගින්න නිවාදැමීම සඳහා ගිනිනිවන භටයින් 700කට වැඩි පිරිසක් මේ වනවිට සේවයේ යොදවා තිබේ.
නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කරන බව සඳහන්.
Saru FM Media





