හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

0
2

උඩප්පුව පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 400ක් සමග බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමග සිටි පෑලියගොඩ පදිංචි තවත් අයෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ද හෙරොයින් ග්‍රෑම් 110ක් පමණ සොයාගත් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනාව කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පොලිස් නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයේ වසර 5ක පමණ කාලයක් සේවය කර මෙම වසරේදී උඩප්පුව පොලීසියට ස්ථාන මාරුවක් ලබා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහී සැඟව සිටින රසල් ස්මිත් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බව ද පොලීසිය සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here