හෙරොයින් ග්‍රෑම් 42.23ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකාරිය කරනු ලැබූ එම්.ඊ නිලන්ති නැමති 42 හැවිරිදි කාන්තාවකට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (18දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවේය.
එකී විත්තිකාරියට එරෙහිව නඟා ඇති පළමු හා දෙවන චෝදනාවන් එනම් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරනු ලැබිණ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය මඟින් 2021 වර්ෂයේ කෝට්ටේ ප්‍රදේශයේදී එම විත්තිකාරියව අත්අඩංගුවට ගෙන තිබුණි.
Saru FM Media









