පිටුපස පරෙවි සුදා හෝ බ්ලූමැන්ඩල් සංඛ ද?
රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මෙරට ධීවරයන් පස්දෙනකු සමග බෝට්ටුවක් සහ හෙරොයින් තොගයක් මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
නාවික හමුදාව විසින් ලබාදෙන ලද බුද්ධි තොරතුරකට අනුව මෙම ධිවරයන් රැගත් බෝට්ටුව අත්අඩංගුවට ගෙන තිබේ. එම බෝට්ටුව තුළ හෙරොයින් කිලෝ 300ක් පමණ පවතින බවට තොරතුරු වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් කොටුකර ගැනීම සඳහා නාවික හුමදාව සිය ආවේක්ෂණ රාජකාරි තරකර තිබෙන අතර, ඊට බියෙන් මෙම බහුදින යාත්‍රාව මාලදිවයින මුහුදු සීමාවට ගමන් කරන බවට නාවික හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරක් මත මාලදිවයින් ආරක්ෂක අංශ මගින් එම බෝට්ටුව අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසේ.
ධීවරයන් සමග බෝට්ටුව මෙරටට ලබාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකිරීමටත්, වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මෙරට මත්ද්‍රව්‍ය නායක කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මාලදිවයිනට යැවීමටත් කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් එවන්නට ඇති බවටත් මත්ද්‍රව්‍ය තොගය මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා විදේශගතව සිටින පරෙවි සුදාට හෝ බ්ලූමැන්ඩල් සංඛ නමැති ජාවාරම්කරුවන්ට අයත් බවටත් ආරක්ෂක අංශ සැකකරයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් කළ විමසීමේදී කියා සිටියේ මෙරට ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බවට මාලදිවයින් ආරක්ෂක අංශය මගින් ඞ පණිවුඩයක් නිකුත් කර ඇති නමුත් ඉන් එහාට යමක් ඔවුන් ඊයේ (04දා) දහවල් වනතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.
චමින්ද සිල්වා
Saru FM Media







