හෙයා බොන්ඩින් එකක් කරන්න කලින් දැන ගත යුතු දේවල්..

0
12


හිසකෙස් අඩු වෙන විට, හැලෙන විට ඔබේ හිසෙහි තියෙන හිසකෙස් වල ප්‍රමාණාත්මක වැඩි වීමක් පෙන්නුම් කරන්න හෙයා බොන්ඩින් යොදා ගන්නවා.

හෙයා බොන්ඩින් කියන්නෙ ඔබේ හිසකෙස් වලට සමාන ස්වභාවික හෝ කෘතිම එහෙමත් නැත්නම් සින්තටික් හිසකෙස් ඔබේ හිසකෙස් වලට ගම් වර්ගයක් භාවිතයෙන් එකතු කිරීම. මේක තාවකාලික හෙයා වීවින් ක්‍රමයක්. යම් කිසි කාල පරාසයකට පමණක් මේ හෙයා බොන්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන්. හිසකෙස් වල පෙනුම ප්‍රමාණාත්මකව වර්ධනය කරගැනීමට භාවිතා කරන මේ ක්‍රමය හෙයා වීවින් වලට වඩා ප්‍රචලිතයි.
හිසකෙස් වර්ණ ගැන්වීමේදී හිස කෙස් වලට වන හානිය වලක්වා ගන්නත් මේ හෙයා බොන්ඩින් ක්‍රමය පහසුවක්. ඔබ කැමති ලෙස වර්ණ ගැන්වූ හිසකෙස් කොටස් ඔබේ හිසකෙස් අතරට සම්බන්ධ කරගත හැකි නිසා වර්ණ ගැන්වීමේදී කෙමිකල් වලින් වන හානිය වැළකෙනවා.
හෙයා බොන්ඩින් ක්‍රම දෙකක් තියෙනවා. සොෆ්ට් බොන්ඩින් සහ හාර්ඩ් බොන්ඩින්. මේ දෙකෙන් සොෆ්ට් බොන්ඩ් එක හාර්ඩ් බොන්ඩ් එකට වඩා සුමුදු සහ වඩාත් පහසු සහ නම්‍යශීලී බවක් දනවන අතර මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් සහ ඇක්‍රිලික් පදනම් වූ අලවන ද්‍රව්‍යයි. මේ සඳහාම විශේෂිත වූ අලවන ද්‍රව්‍ය ලබාගෙන සොෆ්ට් බොන්ඩින් එකක් ගෙදරදීත් කරගන්න අපහසුවක් නැහැ.

හාඩ් බොන්ඩින් වලට හිසකෙස් ඇලවීම සඳහා පාවිච්චි කරන්නෙ ගම් අඩංගු ඇලවෙන ද්‍රව්‍යක්. හාඩ් බොන්ඩින් එකක් ඔබට සොෆ්ට් බොන්ඩින් එකක් වගේ ගෙදරදීම කරගන්න බැහැ. මේ සඳහා පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය අනිවාර්යයෙන් ලබාගන්න. සොෆ්ට් බොන්ඩ් හෙයා එක්ස්ටෙන්ශන් හැසිරවීමට පහසු උනත් හාර්ඩ් බොන්ඩ් මෙතඩ් එක වඩා වැඩි කාලයක් පවතිනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here