Hair Colouring , එහෙමත් නැත්නම් හිසකෙස් වර්ණ ගැන්වීම කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය දෙයක්. හිසකෙස් වර්ණ ගැන්වීම මගින් ඔබේ පෙනුමට බොහොම ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කරගන්නත් පුළුවන්. Hair colour එකක් තෝරගන්න කොට ඔබේ අවශ්‍යතාවය අනුව , ඔබේ සමේ වර්ණය අනුව වගේම ඒ කාලයේදී ජනප්‍රිය විලාසිතා වලට අනුව තෝර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ කියන්නට යන්නේ hair colour එකක් කරන්න හිතන් ඉන්න ඔයාට මේ කාලයේ ජනප්‍රියම trends ටිකක් ගැනයි.
ඔබේ ප්‍රියතම අතුරුපස වර්ග දෙකක වර්ණ වල එකතුවක් විදියට මේ hair colour trend ඒක හඳුන්වා දෙන්න පුළුවන්. පැහැපත් සමක් ඇති කෙනෙකුට මෙය වඩාත්ම ගැලපෙනවා. ඒවගේම කැරලි හිසකෙස් තියෙන කෙනෙකුට වුණත් මේ විලාසිතාව භාවිතා කරන්න පුළුවන්.
රතු සහ දුඹුරු පැහැ දෙකේ මිශ්‍රණයක් විදිහට දකින්න පුළුවන් වර්ණ විලාසිතාවක් තමයි මේක. Highlights විදියට මේක ඔබේ හිස කෙස් වලට භාවිතා කළොත් ඔබට අලුත්ම පෙනුමක් ගෙන දෙන බවට සැකයක් නැහැ.
ඔබේ සාමාන්‍ය පෙනුමට ලොකු පෙරළියක් එකතු කරන්න පුළුවන් hair colour trend එකක් විදියට මේ විලාසිතාව කියන්නට පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ දෙනා භාවිතා කරන වර්ණ වලට වඩා ඉතාම ලා පැහැයක් වෙන මේ වර්ණය මේ වන විට ලෝකයේම ජනප්‍රිය වෙමින් පවතිනවා.
ඉතා තද කළු පැහැයෙන් යුතු හිසකෙස් සහිත අයට ගැලපෙනම විලාසිතාවක් තමයි Dark copper highlights කියන්නේ. එවැනි හිසකෙස් සහිත කෙනෙකුට තද සහ දීප්තිමත් තඹ පැහැයකින් highlights ටිකක් එකතු කලොත් බොහොම ලස්සන හිසකෙස් විලාසිතාවක් මවන්න පුළුවන්.
ඔබගේ හිසකෙස් වලට නැවුම් වගේම හොඳ පෙනුමක් එකතු කරන්න පුළුවන් විලාසිතාවක් තමයි Caramel and Bronze Highlights කියන්නේ.මෙය තළෙලු සමක් හිමි යුවතියකට වගේම මැදි වයස් කාන්තාවකට වුණත් බොහොම ගැලපෙන හිස කෙස් වර්ණ විලාසිතාවක්.
හැමදාම එකම හිස කෙස් විලාසිතාවක් පවත්වාගෙන යනවාට වඩා කාලයෙන් කාලයට ටිකක් වෙනත් විලාසිතාවක් කරන එකේ වරදක් නැහැ. මේ ලිපිය ඔබට ඒ වෙනස කරන්න හොඳ ආරම්භයක් වේවි.
Saru FM Media