හෙයාර් අයන් එකක් භාවිතා කරනවාද? එහෙනම් මේ දේවල් ගැනත් දැනගන්න

0
10


ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන් කෙරෙන කාර්යය වන්නේ තාවකාලිකව කෙස් කලඹ straight කිරීමයි.

රීබොන්ඩිං, ස්ට්‍රේටිං, රිලැක්සිං යන permanent ක්‍රම මඟින් හිසකෙස්‌ දීර්ඝ කාලයක් සෘජුව තබා ගැනීමට හැක. මෙසේ කොණ්ඩය සකස් කිරීමේදිත් හෙයාර් අයන් එක යොදා ගැනේ. හොඳ ප්‍රමිතියෙන් යුතු hair iron එකකින් තාවකාලිකව හිසකෙස් අයන් කරගත හැකි වේ.

හිසකෙස්‌ අයන් කිරීම සිදු කිරීමේදී තෙත තිබියදී අයන් නොකළ යුතුය්. හිසකෙස්‌ හොඳින් වියලා ගෙන අයන් කිරීම සිදුකළ යුතුය. උෂ්ණත්වය ගැනද සැලකිලිමත් වන්න. කුඩා කොටස් ගෙන අයන් කිරීමේදී හිසකෙස්වලට හානියක් නොවිය යුතුයි. එම නිසා අයන් කිරීමේදී ඔබේ දැනුම අත්‍යාවශ්‍යම වේ.

හෙයාර් අයන් එක තෝරා ගැනීමේදී විදුලිය කාන්දු නොවන ප්‍රමිතියෙන් යුතු ඉහළ තාක්ෂණයකින් යුතු උෂ්ණත්වය පාලනය වන අයන් එකක් තෝරා ගත යුතුයි. අයන් කිරීමට ප්‍රථම හිසකෙස්‌ ගැන හොඳ අවබෝධයක් ද තිබිය යුතුයි. විශේෂයෙන්ම වියළි කෙස් ද, තෙල් සහිතද, සම්මිශ්‍රණයක්ද, පළුදු ද රසායනික ද්‍රව්‍ය එක්කර ඇත්ද දැනුවත් භාවයක්ද අවශ්‍යයි. අපිරිසුදු සහ තෙල් ගල්වා ගත් හිසකෙස් කිසිදු විටෙක අයන් නොකළ යුතු බව මතක තබාගත යුතුය. අයන් කිරීමට ප්‍රථම ෂැම්පු හා කන්ඩිෂනර් කිරීම අත්‍යාවශ්‍යයි. ඉන් අනතුරුව හිසකෙස් හෙයාර් ඩ්‍රයරයෙන් වේළා, කොණ්ඩය කුඩා කොටස්වලට බෙදා ගනිමින් අයන්කර ගත හැකියි. මේ සඳහා පුහුණුවක් හා දැනුවත් බවක් වගේම තිබීම වැදගත්ය.

Hair iron එකකින් තාවකාලිකව හිසකෙස් පහසුවෙන්ම සකසා ගත හැකි නිසා උත්සව අවස්තාවකට වූවත් නිවසේදීම ලස්සන හෙයාර් සෙටින් එකක් කර ගන්න පුළුවන්.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here