හෙට වෙනුවෙන් අද වවන්න – මාළු මිරිස්

0
13


ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද?

සාමාන්‍ය බිම සිටුවීම සිදුකරනවා නම් වල් පැළෑටි ඉවත් කර පස හොඳින් බුරුල් කරගන්න.

සෙන්ටි මීටර් 30 ක් ගැඹුරට සහ පළලට වලවල් කපා ගන්න.

පැල සිටුවීමට දින තුනකට පමණ පෙර කාබනික පොහොර වලින් වලවල් පුරවන්න.

පේලි සහ පැළ අතර පරතරය සෙන්ටි මීටර් හතළිහක් පමණ තබා ගන්න.

දින තිහක් වයසැති තවාන් පැල එක් වලක දෙක බැගින් මුල් හොදින් පසට යට කර සිටුවා ගන්න.
ජලය සපයා සෙවණ කරන්න.

පැල සිටුවීමට දින තුනකට පෙර පොහොර පසට මිශ්‍ර කරන්න uriya යූරියා කොටස් දෙකක් සාන්ද්‍ර සුපර් පොස්පේට්  කොටස් තුනක් මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක් සමග මිශ්‍ර කරන්න.

එක් වලකට ගිනිපෙට්ටි පියන් එකක් බැගින් පොහොර දමන්න පැළ සිටුවීමෙන් පසු යූරියා කොටස් දෙකක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක් මිශ්‍ර කරන්න.

සිටුවා සති හතරක දී ගිනිපෙට්ටි පියන් එකක් වලකට මිශ්‍ර කරන්න පැළ වර්ධනය වීමත් සමඟ තවත් පස් එකතු කරන්න.

සිටුවා දින 75 කින් පමණ පළමු අස්වැන්න නෙලා ගන්නට පුළුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here