හෙට විශේෂ රථවාහන සැලැස්මක්

0
14


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

ඒ අනුව අප්‍රේල් 04 වන දා සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය ද වරින් වර වසා දැමීමට සිදුවන බවත්, අප්‍රේල් 05 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම කාලසීමව තුළ දී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමුවෙන ලෙසත් ඒ් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here