උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව හෙට (02) දිනයේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .
එහි සඳහන් වන්නේ උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පිරිසට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි
ඒ අනුව, ඉහළ සඳහන් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බව සඳහන් කරනවා .
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ .
Saru FM Media