හෙට (31) දින උතුර, උතුරු මැද, වයඹ, බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකළ යුතු අතර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ රැදී සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වියයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Saru FM Media