රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :
ශ්‍රී ලංකාව තුළ ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන සුවිශේෂී ජාතික වැඩසටහනක් වන ” විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” හෙට (01) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙහි ප්‍රධාන අරමුණු වන්නේ මත්ද්‍රව්‍ය අලෙවිය මැඩපැවැත්වීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සමාජීය මැදිහත්වීම ලබා දීමයි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති මෙම සතිය තුළ, පාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ප්‍රවාහන සේවා කේන්ද්‍ර කර ගනිමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුම් දියත් කරනු ලබයි.
මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබෙන බවද සඳහන් ව්වේ.
ජනතාව තුළ යහපත් ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා ගුරුවරුන්, සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව විවිධ ප්‍රචාරක වැඩසටහන් මෙහෙයවීමට මෙහිදී සැලසුම් කර ඇත.
නීතිමය ක්‍රියාමාර්ග දැඩි කරන අතරම, මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් උදෙසා මහජන සහභාගීත්වය උපරිමයෙන් ලබා ගැනීම මෙම ජාතික මෙහෙයුමේ අවසන් ඉලක්කයයි.

The post හෙටින් (01) ඇරඹෙන ” විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ”.. appeared first on LNW Sinhala.
Saru News













