දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, වයඹ,සහ නැගෙනහිර පළාත් මෙන්ම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පැවැතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, හෙට දිනයේදී දිවයිනේ සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව,හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Saru FM Media