හෘදයාබාධ වළක්වන ආහාර ගැන දැනුවත්වෙමු

0
9


ලෝකය පුරාම සිදුවන මරණ වලින් කැපී පෙනෙන ප්‍රතිශතයකට හේතු වෙන හෘදයාබාධ ඇතුළු හදවත් රෝග වැළැක්වීමට අපි ගන්නා ආහාර වල ගුණාත්භාවය ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. 

අපි ගන්නා ආහාර හෘදයාබාධ ඇතිවීමට බලපාන අවධානම් සාධක වන,

රුධිර පීඩනය,

ට්‍රයිග්ලිසරයිඩ,

කොලෙස්ට්‍රෝල් මට්ටම සහ දැවිල්ල වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්. 

ඒ නිසා, නීරෝගී ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අපි අපි පරිභෝජනයට ගන්නා ආහාර වල ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් වීම ඉතාම වටිනවා. 

අන්න ඒ නිසා හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩුකරන්න හේතුවෙන ආහාර ගැන ඔබව දැනුවත් වටිනව කියල smart lady අපි හිතුව. 

එහෙනම්, අපි බලමු මොනවද මේ ආහාර වර්ග කියල? 

කොළපාට කොළ එළවළු 

නිවිති, රාබු, නෝකෝල් වගේ එළවළු වර්ග විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. 

විශේෂයෙන්ම, මේ එළවළු වල ධමනි වල නීරෝගී පැවැත්මටත්, රුධිර කැටි ගැසීම ක්‍රමවත් කිරීමටත් උපකාරී වෙන විටමින් K වැඩි වශයෙන් අඩංගු වෙනවා. 

ඊට අමතරව, මේවාගේ අඩංගු නයිට්‍රේට්, රුධිර පීඩනය අඩු කරන්න, ධමනි වල තද බව අඩු කරන්න සහ රුධිර වාහිනී ආවරණය කරන සෛලවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නත් හේතු වෙන බව සොයාගෙන තිබෙනවා. 

ඒ නිසා, කොළ පාට කොළ එළවළු වර්ග අනෙක් එළවළු වර්ග වලට වඩා හෘදයේ නීරෝගී බව පවත්වා ගන්න උපකාරී වෙන බවයි පර්‍යේෂකයන් සඳහන් කරන්නේ.

සම්පූර්ණ ධාන්‍ය 

සම්පූර්ණ තිරිඟු, දුඹුරු/ රතු සහල්, ඕට්ස්, රයි, බාර්ලි වගේ සම්පූර්ණ ධාන්‍ය නිවුඩ්ඩ ඉවත් කළ ධාන්‍ය වලට වඩා හෘදයට ඉතාම ආරක්ෂිත බව තමයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ. 

ඒ නිසා නිවුඩ්ඩ ඉවත් කළ ධාන්‍ය අනුභව කිරීම, 

හෘ ද වාහිනී රෝග,

කිරීටක හෘද රෝග,

ආඝාතය, 

පරිවෘත්තී සින්ඩ්‍රෝම් වැනි රෝග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරන්න සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වෙන බව සඳහන් වෙනව. 

නමුත්, මේ ධාන්‍ය මිලදී ගැනීමට පෙර 100% ක් සම්පූර්ණ ධාන්‍ය / පරිපූර්ණ ධාන්‍ය වගේ නම් තිබෙනවා දැයි සැළකිලිමත් වීම අනිවාර්‍යයි. 

බෙරි වර්ග 

ඔක්සිකාරක ආතතිය සහ දැවීම් වැනි හෘදයාබාධ වලට හේතු වෙන අවදානම් සාධක අඩු කරන්න උපකාරී වෙන ප්‍රතිඔක්සිකාරක වලින් ස්ට්‍ර්‍රෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි සහ රාස්බෙරි වගේ බෙරි වර්ග පරිපූර්ණයි. 

මේ බෙරි වර්ග නිතරම ආහාරයට ගැනීමෙන් රුධිර නාල සහ රුධිර සෛලවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කර රුධිර පීඩනය සහ රුධිරය කැටි ගැසීමේ අවධානම අඩු කරන්නත් හේතු වෙනව. 

රසවත් පළතුරු වර්ග විදිහට ඕනැම කෙනෙක් පිළිඟන්නෙ මේ බෙරි වර්ග හෘදයේ නීරෝගී පැවැත්මට හරිම වැදගත් නිසා නිතරම ආහාරයට ගැනීම ඉතාම වැදගත් කියලයි අපි ඔබට මතක් කරන්නෙ.

අලිගැටපේර

රුධිරයේ කොලෙස්ට්‍ර්‍රෝල් මට්ටම අඩුකර හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කරන්න අලිගැටපේර ඉතාම හොඳ දායකත්වයක් ලබාදෙනවා. 

අලිගැටපේර රුධිර පීඩනය අඩුකර, හෘද සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට හොඳ මෙහෙයක් ඉටු කරන පොටෑසියම් වලින් ඉතාම පොහොසත්. 

ඒ නිසා අලිගැටපේර කියන්නෙත් හදවතේ නීරෝගි බව ගැන හිතන ඔබේ ආහාර වේලට එක්විය යුතුම පළතුරක්.

Omega 3 අඩංගු මාළු වර්ග සහ fish oil 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here