ශ්‍රී ලංකාව විසින් ඉරාන නාවික භටයන්ගේ ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් ලෝකයේම ප්‍රසංශාව ලැබෙමින් තිබියදී ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් `හුණ්ඩු කල්ලිය’ විකෘති ප්‍රචාර යැවීමට පටන්ගෙන තිබේ.
ඉරානයේ භටයින් ආපසු බාර නොදෙන ලෙසට ඇමරිකාව විසින් මෙරට රජයට බලපෑම් කර ඇතැයි එම ප්‍රචාරවලින් දැක්වේ. ශ්‍රී ලංකාව, එම භටයින් මුදවා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සම්මුති සහ ජාත්‍යන්තර ගිවිසුම්වලට එකඟය ක්‍රියා කර ඇති අතර එම නාවික භටයින්ගේ ජීවිත සුරක්ෂිත කිරමින් තමන් භාරයේ රඳවා ගන්නවා බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
පවතින යුධමය ආතතිය අවසන් වූ පසු හෝ මෙම නාවුක භටයින් ආපසු ඉරානයට බාරදීමද ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්වලට එකඟව අදාළ මැදිහත්කාර පාර්ශව මගින් සිදු කිරීම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයයි.
එසේ තිබියදී විපක්ෂයේ කණ්ඩායම්වලට සම්බන්ධ සමාජ මාධ්‍ය විසින් එම විකෘති අර්තකතන දෙන ප්‍රචාර ලබාදෙන අතර බීබීසී සිංහල වෙබ් අඩවියද පල කර තිබුණේ,
“`ගිලුණු නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩලය සහ දිවි ගලවා ගත් පිරිස් ආපසු ඉරානය වෙත නොයවන්නැයි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්’” යන සිරස්තලය යටතේ ඊට අදාළ ප්‍රවෘතියක් පල කර ඇත. එම ප්‍රවෘතියේ මූලාශ්‍රය “අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‍ය පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.” යනුවෙන් වැඩි දුරටත් පල කර ඇත.
AI තාක්ෂයේ උපකාරයෙන් “අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුව” පිළිබඳව කළ විමසීමකදී ලබාදුන් පිළිතුර පහත දැක්වේ.
ඇමරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුව
Gemini said
ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (U.S. Department of the Interior – DOI) යනු ඇමරිකා එක්සත් ජනපදයේ ස්වභාවික සම්පත් කළමනාකරණය සහ සංරක්ෂණය සම්බන්ධයෙන් වගකීම දරන ප්‍රධාන රාජ්‍ය ආයතනයයි.
බොහෝ රටවල “අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය” (Ministry of Interior) මගින් පොලිස් සේවය හෝ ආරක්ෂක කටයුතු සිදු කළද, ඇමරිකාවේ මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඊට වඩා හාත්පසින්ම වෙනස් වේ. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් කිහිපයක් පහත දැක්වේ:
1. ස්වභාවික සම්පත් සහ භූමිය කළමනාකරණය
ඇමරිකාවේ ෆෙඩරල් රජයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක් (දළ වශයෙන් 75%ක් පමණ) පාලනය කරනු ලබන්නේ මෙමගිනි.
ඛනිජ තෙල්, ස්වභාවික වායු සහ අනෙකුත් ඛනිජ සම්පත් කැණීම් කටයුතු නියාමනය කිරීම මෙයට අයත් වේ.
2. ජාතික උද්‍යාන සහ වනජීවී සංරක්ෂණය
National Park Service (NPS): සුප්‍රකට යෙලෝස්ටෝන් (Yellowstone) වැනි ජාතික උද්‍යාන පාලනය කිරීම.
U.S. Fish and Wildlife Service: වඳවී යාමේ තර්ජනයට ලක්වූ සතුන් සහ ශාක ආරක්ෂා කිරීම.
3. විද්‍යාත්මක පර්යේෂණ
U.S. Geological Survey (USGS): භූ විද්‍යාව, ජීව විද්‍යාව සහ ජල විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන මෙය DOI යටතේ ක්‍රියාත්මක වේ. දේශගුණික විපර්යාස සහ පාරිසරික වෙනස්කම් පිළිබඳ දත්ත රැස් කිරීම මෙහිදී ප්‍රධාන වේ.
4. බලශක්ති උත්පාදනය
මහා පරිමාණ වේලි හරහා ජල විදුලිය උත්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති (සුළං සහ සූර්ය බලශක්තිය) සඳහා රජයේ ඉඩම් ලබා දීම සහ නියාමනය කිරීම.
5. දේශීය ජනතාවගේ සුභසාධනය
ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානු ගෝත්‍රිකයන් (Native Americans) සහ ඇලස්කා වැසියන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටීම.
1
Saru News
















