හිස පීරන පනාව මේ විදියට පිරිසිදු කරමු

0
10


ගෑනු ළමයෙක් Smart වෙන ප්‍රධානම ලක්ෂණයක් කියන්න! ඔව් ඔයා හරි. පිරිසිදුකම තමයි අංක එක. මොන දේවල් කොහොම කරත් ඔයා අපිරිසිදුකමට මුල්තැන දෙන කෙනෙක්නම් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. අපි බොහොම උනන්දුවෙන් ගෙවල් අස් කරනවා. කාමරේ අස් කරනවා. පිළිවෙලකට අඳිනවා. ඒත් සමහර වෙලාවට අපි ළඟ තියන පොඩි පොඩි දේවල් අපිළිවෙල වුණාම අපි නිකම්ම අපිරිසිදු කාන්ඩයට වැටෙනවා.

අද කියන්නේ පනාව පිරිසිදු කරන හැටි. හරි  සරල මාතෘකාවක් වගේ පෙනුණට එහෙමත් නැති බව කියෙව්වාම ඔයාට වැටහෙයි.

විනාකිරි යොදා පිරිසිදු කිරීම

මේ ක්‍රමය හරිම පහසුයි.  පනාව ගිල්වන්න පුලුවන් භාජනයක් ගන්න. උණුසුම් වතුරට විනාකිරි ටිකක් එකතු කරන්න. දැන් පනාව ඒක ඇතුළේ ගිල්වන්න.

එහෙම විනාඩි 15- 20ක් තියෙනකොට විෂබීජ, කුණු,දූවිලි ඉවත් වෙනවා. 

ඊටපස්සේ ගලා යන වතුරෙන් පනාව හොඳට සෝදන්න.

වියළි රෙදි කඩකින් පනාව පිසදා ගන්න.

ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා පිරිසිදු කිරීම

තරමක් දැති ලොකු පනාවලට හොඳ ක්‍රමයක්. මඳ උණු වතුරට ෂැම්පු හෝ කන්ඩිෂනර් දමා කලවම් කරගන්න. ඉන්පස්සේ පනාව ගිල්වන්න.

ඊටපස්සෙ පිරිසිදු බ්‍රෂ් එකකින් පනාව අතුල්ලා ගන්න.

ඊටපස්සේ හොඳින් සෝදාගෙන වේලා ගන්න.

බේකින් සෝඩා ක්‍රමය

හුඟක් සිහින් දැති තියන පනාවලට මේ ක්‍රමය ගැළපෙනවා. භාජනයකට බේකින් සෝඩා සහ මඳ උණු ජලය දමා ගන්න. ඉන්පස්සේ මිශ්‍ර කරන්න. පනාව ගිල්වා ගන්න. පනාවේ බැඳිලා තියන කුණු ඉවත් වෙන්න හොඳ ක්‍රමයක්. මෙහෙම විනාඩි විස්සක් විතර තියෙන්න ඉඩ හැරලා හෝදා ගන්න. ඉන්පස්සේ වියළි රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.

ඉතාම සරල ක්‍රම කීපයක් නේද? ඉතින් ඇයි නොකර ඉන්නේ? ඉස්සොරි ගැන තවදුරටත් පැමිණිලි නොකර ඉන්න හොඳ පනාවක් පාවිච්චියට ගැනීමත් හේතුවක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here