අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය මාර්තු 27 වැනිදා පැවැත්විණි. එහි සභාපතිවරයා වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අතර එදින සංවාදයක් ඇතිවී තිබිණි. ඒ පිළිබඳ ජාතික ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මේ වනවිටත් විවිධ කෝණයන් ඔස්සේ මත පළවෙමින් තිබේ. Sri Lanka Latest News
අදාළ රැස්වීමේදී එම සංවාදයට ප්‍රස්තුත වූ කාරණය වන්නේ අනුරාධපුරයේ තිසා වැවේ සහ නුවර වැවේ වැව් බැම්ම මතින් සැහැල්ලු වාහන ගමන් කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සකසා ගැනීමය. මෙම අවශ්‍යතාව මතුවී ඇත්තේ, දැනට අනුරාධපුරයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල ලෙස පැමිණෙන බැවින් ඔවුන්ට මෙම ස්ථානය විඳින්නට අවස්ථාව සලසා දීම වෙනුවෙනි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ( ෘක්‍ක් එකට) මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය (ක්‍ය්පඉැර දf ජදපපැරජැ) නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරි මහතා විසිනි.
මෙම වැව් බැමි මතින් වාහන ගමනා ගමනය තහනම් කරනු ලැබුවේ එවක පැවැති රජය සහ ඛඔඔෑ සංවිධානය අතර යුද්ධයක් පැවැති කාලවකවානුවෙදීය. ඊට හේතුව වූයේ මෙම වැව් දෙකට ආසන්නව හමුදා කඳවුරු දෙකක් පවතින නිසා ඒවාට ප්‍රහාර එල්ල කිරීමට ඛඔඔෑ යට මෙම මාර්ග භාවිත කිරීමට ඇති ඉඩ අහුරාලීමේ උවමනාව නිසාය.
යුද්ධයට පෙර පැවැති කාලපරිච්ඡේදය තුළ මේ වැව් බැමි මතින් සැහැල්ලු වාහන ගමන් කිරීම සාමාන්‍ය දෙයක්ව පැවැතිණි. යුද්ධයක් නොපවතින තත්ත්වයක් තුළ තවමත් වැව් බැම්ම මතින් වාහන ගමන් කිරීමට ඉඩ නොදී සිටින්නේ මන්දැයි වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇත්තේ, මෙම සංවාදය ඇතිවූ මාර්තු 27 වැනිදා පැවැති රැස්වීමට රැස්වීම් දෙකකට පෙර පැවැති රැස්වීමකදීය.
නිලධාරියාගේ මුසාවාදය…
එකී රැස්වීමේදී මෙම අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, සංචාරකයන් ලෙස පැමිණෙන මිනිසුන් වැව අපිරිසිදු කරන බවත්, මත්පැන් බී එම බෝතල්, ගල්වල ගසා කඩාදමමින් හැසිරෙන බවත්, ඒ නිසා සංචාරකයන්ට වාහන මගින් ගමන් කිරීමට ඉඩ නොදෙන බවත්ය.
වැව ශුද්ධ පවිත්‍ර කිරීම වාරිමාර්ගයට අයත් රාජකාරියක් බවත්, මිනිසුන්ගේ නොමනා හැසිරීම පාලනය කිරීමට පොලීසියේ සහාය ලබාගත හැකි බවත්, මේ නිසා මෙම ස්ථානය විඳින්නට මිනිසුන්ට අවහිර නොකළ යුතු බවත් පවසා ඇති ඇමැතිවරයා, මාර්ගය වසාදැමීමට මීට වඩා සාධාරණ හේතුවක් ඇත්නම් මීළඟ රැස්වීමේදී වාර්තාවක් ලබාදෙන ලෙසත් අධ්‍යක්ෂවරයාට දන්වා ඇත. පසුගිය මාර්තු 27 වැනිදා අමාත්‍යවරයා අදාළ අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇත්තේ මේ කාරණය පිළිබඳවය.
අමාත්‍යවරයාගේ විමසීමට පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා එදින පැවැසුවේ වෙනත් කතාවක්ය. ඔහු කීවේ මේ පිළිබඳ ඔහු විසින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලියා දැන්වූ බවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ පරීක්ෂා කර බලා වැව් බැම්ම මතින් වාහන ගමන් කිරීමට ඉඩදිය නොහැකි බව පැවසූ බවත්ය. එවිට අමාත්‍යවරයා පැවැසුවේ ෘඨ ට එහෙම නිකන් කියන්න බැරි බවය. එසේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් (ෘක්‍ක්) තිබෙන්නේ කුමකට දැයි අමාත්‍යවරයා විමසුවේ ඒ අනුවය.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගන්නේ රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් එකට එක්ව සාකච්ඡා කිරීමෙන්ය. එම සාකච්ඡාව සිදුවන්නේ ෘක්‍ක්‍ය තුළය. එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම අතිමහත්ය. එම වගකීම ඉටු නොකොට තමන්ට හිතුණු හිතුණු විදිහට හැසිරීමට රාජ්‍ය නිලධාරියකුට නොහැක. ෘක්‍ක්‍ය තුළින් මතුවන යෝජනාවක් ඉටුකිරීමට නොහැකි නම්, ඊට සාධාරණ හේතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතුය. එම යෝජනාව ඉටුකිරීමට ආණ්ඩුව පැත්තෙන් ඉටුවිය යුත්තේ මොනවාද, ඒ සඳහා කොපමණ ප්‍රතිපාදන අවශ්‍යද යන්න විධිමත් ලෙස ඉදිරිපත් කිරීම රාජ්‍ය නිලධාරීන් විසින් කළ යුතුය. එය ඔවුන්ගේ රාජකාරී වගකීමක්ය.
දේශපාලනඥයන්ට වඩා දූෂිත නිලධාරීන්…..
වැව් බැම්ම මතින් වාහන ගමන් කිරීමට ඉඩදීමෙන් නුවර වැවට හානි සිදුවන බවට මතයක් සමාජගත කිරීමට මෙම නිලධාරීන් උත්සාහ කළද, සැබැවින්ම නුවර වැවට වැඩිම හානිය කර ඇත්තේ මීට පෙර සිටි දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් එකට එක්වය.
2024 ජනවාරි වන විටත්, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ හෝටල් සහ මන්දිර තැනීම වෙනුවෙන් මෙම වැව ගොඩකරමින් සිටින බව නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පූජ්‍ය රත්ගම සමිත හිමියෝ ජනමාධ්‍ය මගින් මීට පෙර හෙළිදරව් කර තිබිණි.
මෙම සිද්ධියේදී අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ඔහු හැසිරුණේ බජාර් එකේ චණ්ඩියකු ලෙසය. නමුත් මේ සිද්ධියේදී ඇතිවූ සංවාදය පිළිබඳ ජාතික ජනමාධ්‍ය තුළ පළකරනු ලැබූ කොටස පමණක් අසා හෝ දැක, සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිස් කලබල වී අමාත්‍යවරයාට තඩිබාන අයුරු දැකගත හැකි විය.
සැබැවින්ම සිදුවිය යුතුව තිබුණේ, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් මතුවූ අභියෝගය නිවැරදිව හඳුනා ගැනීමය.
මේ රට විනාශ කිරීමේ කටයුත්තේදී දේශපාලනඥයන්ට වඩා ඉහළ මට්ටමකින් දූෂිත ක්‍රියා සිදුකොට ඇත්තේ දූෂිත රාජ්‍ය නිලධාරීන් රොත්තක්ය. කෝපා කමිටුව නරඹන, අසන රටේ ජනයා මේ වන විට එකී සත්‍ය අවබෝධ කරගනිමින් සිටින බවට සැකයක් නැත.
ඉංජිනේරු මාෆියාවක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්‍රය තුළ දීර්ඝ කාලයක් පුරා බලවත් නිලධාරී මාෆියාවක් ක්‍රියාත්මකව පවතී. එය හුදු අතිශයෝක්තියක් සහිත ප්‍රකාශයක් නොවේ. එය සැබෑ සත්‍යයකි. මේ මාෆියාවේ බලවත්ම කොටස සිටින්නේ ඉංජිනේරු ක්ෂේත්‍රය තුළය. ඔවුහු වාරිමාර්ග, විදුලිය බලය, ජල මණ්ඩලය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන තුළ සිය මාෆියාව බූවල්ලෙකුගේ අඬු සේ විහිදුවාගෙන කටයුතු කරමින් සිටිති.
ශ්‍රී ලංකාවේ වැව් තැනීම ඇතුළු වාරිමාර්ග කටයුතු සඳහා පවතින්නේ ප්‍රධාන ආයතන තුනකි. මධ්‍යම වාරිමාර්ග අමාත්‍යාංශය, පළාත් වාරිමාර්ග අමාත්‍යාංශ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒ ආයතන තුනය. මේ ආයතන තුනේම සිටින සැලකිය යුතු නිලධාරීන් පිරිසක් උපකොන්ත්‍රාත්කරුවන්සේ කටයුතු කරති.
රාජ්‍ය ආයතනවලින් ලබාදෙන කොන්ත්‍රාත් තමන් හඳුනන කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමා, පසුව ඒවායින් උපකොන්ත්‍රාත් ලබාගෙන කටයුතු කරන්නේ මෙකී නිලධාරීන්ය. මෙම නිලධාරීන් අතර බැකෝ යන්ත්‍ර දෙක තූන හිමි නිලධාරීන්ද සිටින බව බොහෝ අය දනිති.
වෙනත් අයගේ නමට ලබාගන්නා කොන්ත්‍රාත්තුව පවා නිසි ප්‍රමිතියකින් යුතුව සාදා නිමකිරීමට කටයුතු නොකරන මෙම නිලධාරීන් එතැනින්ද මහා පරිමාණ ලෙස ජනතා මුදල් ගසාකෑමක් සිදුකරනු ලබයි. මෙම ගසාකෑම ඔවුන්ට ඉතා පහසුවී ඇත්තේ, මෙම ඉදිකිරීම් සිදුකරන අවස්ථාවලදී, ඒවා පරීක්ෂා කිරීමට කිසිවකු නොපැමිණෙන නිසාය.
පසුගිය පාලන සමයන් තුළ මේ ඉංජිනේරු මාෆියාවට කිසිම අවහිරයක් හෝ බාධාවක් හෝ නොතිබිණි. ඊට හේතුව දේශපාලනඥයන් ද හරි හරියට දූෂිතයන් වූ බැවිණි. ඉංජිනේරුවරයකු වූ චම්පික රණවක එක්තරා අවස්ථාවකදී මේ මාෆියාවේ බලය බිඳින්නට උත්සාහයක් දැරූ බවද සිහිපත් කළ යුතුය. ඒ සඳහා ඔහු හොඳ යෝජනාවක් ගෙන ආවේය. එම යෝජනාව වූයේ තාක්ෂණික විගණනයක් සිදුකළ යුතුය යන්නය.
ලංකාව දියුණු කිරීමට ඇති ප්‍රබල බාධාවක්…
අපේ රටේ ඇත්තේ මූල්‍ය විගණනයකි. එම විගණනයට ඉංජිනේරු මාෆියාව සිදුකරන දූෂණ සොයාගැනීමට කිසිසේත්ම නොහැක. එසේ කරන්නට තරම් ඉංජිනේරුමය දැනුමක් සහිත ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් රජයේ විගණන දෙපාර්තමේන්තුවේ නොමැත. එනිසා එය වෙනම පිහිටුවිය යුතු ව්‍යුහයක්ය. නමුත් ඔහුගේ එම උත්සාහය සඵල කරගැනීමට එම පාලනය තුළ ඔහුට ඉඩක් නොලැබිණි.
චම්පිකගේ යෝජනාව යම් හෙයකින් ක්‍රියාත්මක කළත්, ඒ සඳහා යොදාගත යුත්තේත් නැවතත් ඉංජිනේරුවන්මය. ඔවුහු කිසි විටෙකවත් ඔවුන්ගේ වරිගේ එවුන්ට එරෙහිව ක්‍රියා නොකරති. ඉංජිනේරු මාෆියාවේ දූෂණයකට එරෙහිව නීතිය හමුවට ගිය විට පවා අධිකරණය දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තාවක් ඉංජිනේරු ආයතනයක් මගින් යොමුකරන ලෙසය. එවිටත් සිදුවන්නේ මේ මාෆියාවේම ග්‍රහණයට හසුවීමටය. මෙය ඉතා සංකීර්ණ ගැටලුවකි.
මෙම මාෆියාව පරාජය කිරීමට සපුරාගත යුතු පළමු අවශ්‍යතාව වන්නේ රට ගැන හිතන අවංක නිලධාරීන් කවුරුන්ද යන්න තෝරා බේරාගෙන ඔවුන්ව ශක්තිමත් කොට ඔවුන්ට අවශ්‍ය බලය ලබාදීමය. රාජ්‍ය අංශයේ අනෙකුත් ක්ෂේත්‍ර තුළ මෙන්ම අවංකව රාජකාරි ඉටුකරන අදූෂිත නිලධාරීහු විශාල ප්‍රමාණයක් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළද සිටිති. ඔවුන් නිහඬව සිටින්නේ ඔවුන්ට මේවාට විරුද්ධව කටයුතු කිරීමට හැකි වටාපිටාවක් නැති බැවිණි.
ලංකාව දියුණු කිරීමට ඇති ප්‍රධානම බාධාවක් ලෙස පවතින්නේ නිලධාරීවාදයයි. දේශපාලනඥයන්ට වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිතය. ප්‍රාදේශීය සභාවකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යන ජනතාවට විඳින්නට සිදුවන අපහසුතාව කොපමණ ද යන්න ජනතාව හොඳින් දනී. තිබෙන වාර්තාවක් ලබාගන්නට ගියත් ඒ සඳහාත් මිනිස්සුන්ව කොතරම් රස්තියාදු කරනවාද යන්න පැහැදිලිය.
රුපියල් අර්බුදයත්, ඩොලර් අර්බුදයත් හේතුවෙන් මෑත ඉතිහාසය තුළ බංකොළොත්භාවයට පත්වූ රටක්, එකී තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්කර ගැනීමට නම් මේ ආණ්ඩුව සපුරාගත යුතු ඉලක්ක බොහොමයක් තිබේ. එසේම 2028 වනවිට විදේශ ණය නැවත ගෙවන්න පටන්ගත යුතුව තිබේ. එය ජයගත යුතු විශාල අභියෝගයකි.
රික්තකය පුරවන්නට වෙනත් බලවේග…
රටට ඩොලර් ලැබෙන්නේ ක්‍රම හතරකිනි. ඒවා නම්, විදේශ ආයෝජන, විදේශ රැකියා කරන අයගේ ප්‍රේෂණ, භාණ්ඩ අපනයනය සහ සංචාරක කර්මාන්තයය. මෙම ක්ෂේත්‍රයන් වර්ධනය කර නොගෙන ස්ථාවර රටක් පවත්වා ගැනීම අසීරුය.
අනුරාධපුර DCC එකේදී මතුවුණේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගැනීම සඳහා රජයේ යෝජනාවක්ය. මේ ආණ්ඩුවේ අයවැය යෝජනා මහපොළොවේ යථාර්ථයක් කරගැනීම ආණ්ඩුවේ වගකීමය. ඒ සඳහා රජය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කොට ක්‍රියාත්මක කළ යුතුය. එම ව්‍යාපෘති පිළිබඳ නිතර පසු විපරම් කළ යුතුය. එතැනදී නිලධාරීන්ගේ වගකීම සහ කැපවීම ඉතා වැදගත්ය. එසේම එම ව්‍යාපෘති නිසි ලෙස සිදුවේද? ඒ වෙනුවෙන් වගකිව යුතු නිලධාරීන් කවුද? එය අදාළ කාලයට අනුව සිදුවෙනවාද යන මේ කරුණු ගැන දේශපාලන අධිකාරිය, එනම් ඇමැතිවරු, මන්ත්‍රීවරු හරියට පසු විපරම් කළ යුතුය. එසේ සිදු නොකළහොත් මේ රට ගොඩ දැමීමට වත්මන් පාලකයන්ටද නොහැකිවනු ඇත.
මේ ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය කිසිදු වංචා දූෂණයකට සම්බන්ධ යැයි මෙතෙක් දෝෂදර්ශනයකට ලක්වී නැත. එය මීට පෙර කිසි දිනක රට තුළ නො පැවති අතිශය ධනාත්මක සංසිද්ධියක්ය. ඒ නිසාම රජයේ මුදල් නිසි පරිදි රටේ සංවර්ධනයට යෙද විය හැකි බව විශ්වාසය. එසේම මහජනතාවගේ මුදල් මෙතෙක් කල් ගසාකෑ දූෂිත නිලධාරි මාෆියාවෙන් එම මුදල් ආරක්ෂා කරගැනීමේ භාරදූර වගකීමද පැවරී ඇත්තේ මෙම අදූෂිත දේශපාලන අධිකාරියටමය.
එම වගකීම වත්මන් පාලකයන් විසින් නිසි පරිදි ඉටුකරනු ඇතැයි ජනතාව විශ්වාස කරති. එනිසාම එකී ජනතා විශ්වාසය පලුදු නොකොට නිසි ක්‍රමවේද, සහ නව ව්‍යුහයන් ගොඩනඟමින් රට ඉදිරියට ගෙනයාමට වත්මන් පාලනය සමත් විය යුතුය.
මේ කටයුතු හරිහැටි ඉටුකර ගැනීමට ආණ්ඩුව අසමත් වුවහොත්, ඒ සඳහා ඇතිවන රික්තකය පුරවන්නට වෙනත් බලවේග මතුවිය හැකිය. එසේ මතුවන බලවේග අලුත් මුහුණුවරකින් පැමිණීමට ඉඩ ඇතත්, ඒවා පැරණි දූෂිත බලවේගවලම අවතාරයන් වීමට බොහෝ ඉඩකඩ ඇත.
අනුරාධපුර DCC රැස්වීමේදී මතුවූ වැව් බැම්මේ සිද්ධියේදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ උද්දච්ඡකම ගැන පමණක් මතුපිටින් බලා විවේචනය කිරීමට වඩා එම සිද්ධියේදී මතුවූ රාජ්‍ය තන්ත්‍රය තුළ පවතින මෙම අර්බුදයේ ගැඹුර අවබෝධ කරගැනීමට උත්සාහ ගැනීම වැදගත්ය.
සුනිල් ගාමිණී ජයලත්ගේ
Saru FM Media