ඕනම තරුණියක් කැමතියි දිගු සහ නිරෝගී කෙස් කලඹකට. නමුත් බොහෝ වෙලාවටසෞඛ්‍යමය සහ පාරිසරික හේතූන් නිසා හිසකෙස් ගැලවී යාම , හිසකෙස් වේගයෙන් වර්ධනය නොවීම , හිසකෙස් කැඩී යාම වැනි විවිධ තත්ත්වයන් ඇති වීම නිසා දිගු සහ නීරෝගී කෙස් කලඹක් කියන්නේ බොහෝ දෙනෙකුට හීනයක්. මේ සඳහා විවිධ නිෂ්පාදන මේ වන විට නිපදවා තිබුණත් සාර්ථක සහ දිගු කාලීන ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදනයක් සොයා ගැනීමට අපහසුයි. හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට සහ හිසකෙස් නිරෝගීව පවත්වාගෙන යාමට ඔබට නිවසේදී කළ හැකි පිළියම් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ.
හිස්කබල සම්බාහනය කිරීම යනු හිස කෙස් වර්ධනය උත්තේජනය කිරීමේ සරලම ක්‍රමයයි.එමගින් රුධිර සංසරණය වැඩිදියුණු කර හිස කෙස් ශක්තිමත් කිරීමද සිදු කරනවා. හිස්කබල සම්භාහනය කිරීම මගින් හිසකෙස් මුල් ශක්තිමත් කිරීම සහ හිස්කබල ලිහිල් වීම මගින් හිසකෙස් වර්ධනය වේගවත් වීම වන අතර පොල්තෙල් සමග සම්භාහනය කිරීම මගින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා. පොල්තෙල් වල අත්‍යවශ්‍ය විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන නිසා ස්වාභාවික හිසකෙස් conditioner එකක් ලෙසද ක්‍රියා කරනවා.
හිසකෙස් වර්ධනය වීම වේගවත් කර ගැනීම සඳහා ඔබට ගත හැකි තවත් පියවරක් තමයි හිසකෙස් කප්පාදු කිරීම.හානියට පත් වූ හිස කෙස් හෝ අග පැලී ඇති හිසකෙස් නව හිසකෙස් වර්ධනයට බාධා ඇති කරනවා.ඒ නිසා නිසි ලෙස , මාස දෙක තුනකට වරක් හෝ හිසකෙස් කප්පාදු කිරීම සිදු කළ යුතු වෙනවා. මෙසේ කප්පාදු කිරීමේදී ඔබේ හිස කෙස් අඟලක් හෝ අඟල් භාගයක් පමණක් කප්පාදු කිරීමට මතක තබා ගන්න.
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබේ හිසකෙස් දිගු සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලුම පෝෂණය ලබා දෙනවා.විටමින් සහ ඛනිජ ලවන අඩංගු ආහාර හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරන අතර හිසකෙස් වල මුල සිට අග දක්වාම පෝෂණය කරනවා.
ඔබේ හිසකෙස් පිරිසිදුව තබා ගැනීම සහ සනීපාරක්ෂාව හිසකෙස් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වනවා.නමුත් එය ඉක්මවා යාම නිසා හිසකෙස් වලට හානි සිදුවන්නට පුළුවන්. සෑම දිනකම ඔබේ හිසකෙස් ෂැම්පු කිරීම මගින් ඔබේ හිස කෙස් සහ හිස් කබල වියලීමට ලක් වී එහි ස්වාභාවික තෙතමනය නැතිවී යාමේ හැකියාව තියෙනවා. ඒ නිසා හිසකෙස් නිතර සේදීමෙන් වැළකී හිසකෙස් දිගු කරන අමුද්‍රව්‍ය වලින් පොහොසත් රසායනික ද්‍රව්‍ය රහිත ෂැම්පු වර්ගයකින් දින දෙකකට වරක් හිසකෙස් සෝදන්න
කන්ඩිශනර් මගින් හිසකෙස් පතුලේ ඇති ලිපිඩ සහ ප්‍රෝටීන ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වන අතර හිසකෙස් වල තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරන අතර එමගින් හානියට පත් හිසකෙස් අලුත්වැඩියා කිරීමට සහ හිසකෙස් අග පැලීම් ඉවත් කිරීමට ක්‍රියා කරනවා.
ඔබේ හිස කෙස් උණුසුම් වතුරෙන් සේදීම මගින් එහි ස්වාභාවික තෙතමනය ඉවත් වීම ඉක්මනින් සිදු වෙනවා.ඒ නිසා හිසකෙස් සේදීම සඳහා සාමාන්‍ය සීතල වතුර භාවිතා කිරීමට වග බලා ගන්න. එමගින් හිසකෙස් සිනිඳු සහ මෘදු බවට පත්කර ගැනීමට පහසු ලෙස ඉතා සැහැල්ලු කරනවා.
හෙයා අයන් , කර්ලින් මැශින් හෝ වෙනත් උෂ්ණත්වය අධික මෙවලම් නිතර භාවිතා කිරීම හිසකෙස් හානියට පත් කර වියළි සහ නීරෝගී බවින් රහිත හිසකෙස් බවට පත් කරනවා.නමුත් ඔබට එවැනි මෙවලම් භාවිතා කිරීම අත්‍යවශ්‍යම අවස්ථා වලදි තාප ආරක්ශන නිශ්පාදන භාවිතා කල හැකියි. ඒ හැරුනුකොට නිතරම එවැනි මෙවලම් භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න
Hair mask මගින් ඔබේ හිසකෙස් වලට ඉතා හොඳ පෝෂණයක් වගේම තෙතමනයක් ලබා දෙනවා.විශේෂයෙන්ම ස්වාභාවික මාස්ක් වර්ග මගින් හිසකෙස් ශක්තිමත් කිරීමට සහ වේගයෙන් වර්ධනය කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා. මී පැණි , ලෙමන්, අලිගැටපේර , ඔලිව් තෙල් , බිත්තර වැනි ඕනෑ තරම් ස්වභාවික අමුද්‍රව්‍ය ඔබට ඔබේ හිසකෙස් සඳහා භාවිතා කරන්නට පුළුවන්.
මෙවැනි පිළියම් සහ උපක්‍රම භාවිත කිරීම මගින් ඔබට නීරෝගී සහ දිගු කෙස් කලඹක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
Saru FM Media