හිසකෙස් දිගු කරන ඖෂධීය තෙල් එකක්

0
12


කාන්තාවන් විදිහට අපි බොහෝ දෙනෙක් අපේ ලස්සන ගැන අනිවාර්යයෙන්ම හිතනවනෙ.

ඒ අතර ප්‍රධාන තැනක් අපේ කොණ්ඩෙට හිමිවෙනව. 

කොණ්ඩෙ ගැන කතා කරද්දි වර්තමාන කාන්තාවන් හිසකෙස් ආශ්‍රිත ගැටළු බොහොමයකට මුහුණ දෙන බව අපිට අහන්න දකින්න ලැබෙනව. 

අධික ලෙස හිසකෙස් වැටීම, අකලට හිසකෙස් පැසීම, ඉස්හොරි, හිසකෙස් වල ශක්තිමත් බව අඩුවීම වගේ ගැටළු මේ අතර ප්‍රධානයි. 

විෂ වායු නිසා ඇතිවන පරිසර දූෂණය, දූවීලි, හිසකෙස් පිරිසිදු කර ගැනීමට සහ නඩත්තු කිරීමට වේලාවක් නොමැති වීම වගේ කරුණු වගේම මානසික ආතතියත් මේ සඳහා බලපානව. 

ඉතිං මේ ගැටළු වලින් පීඩා විදින ඔබට විසඳුමක් අරන් එන්න තමයි අපි සූදානම් වෙන්නෙ. 

නිවසේදී ඉතා අඩු වියදමින් පිළියෙල කරගන්න පුළුවන් මේ ඖෂධීය තෙල හිසකෙස් වැටීම සහ හිසකෙස් වර්ධනයට උපකාරී වෙමින් කලු පැහැ දීප්තිමත් වරලසක් ඔබට ලබා දෙනව.

එහෙනම් අපි බලමු කොහොමද මේ තෙල හදන්න පුළුවන් කියල

මුලින්ම ඝනකම් භාජනයක් අඩු ගින්දරේ ලිපතබා තෙල් ටික මඳක් රත් කරගන්න. 

තෙල් ටික රත්වී ගෙන එන විට ලූණු, නෙල්ලි, වදමල්, අබ, උළුහාල්, ගොටුකොළ, කීකිරිදිය සියල්ල දමා රත්කර ගන්න.

විනාඩි 15 ක් පමණ ගතවන විට සියල්ල කලු පැහැයට හැරී ඇති බව ඔබට දැකගන්න ලැබේවී.

තෙල් සහ තෙලට දැමූ සියල්ල කලු පැහැ වූ පසු ලිප නිසා යකඩ පෙරනයක් අධාරයෙන් තෙල් ටික පෙරා ගන්න. 

තෙල් ටික හොඳින් නිමුණු පසු වීදුරු බෝතලයට සැවැන්දරා මුල් දෙක තුන දමා එයට පෙරාගත් තෙල් ටික දමාගන්න. 

නෑමට පැය භාගයකට පෙර හෝ අඩුම වශයෙන් සතියට දෙවරක් මේම තෙල් යොදා හිස සම්බාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here