හිමෙන් වැසි යන නියෝර්ක් නගරය

0
2

අමෙරිකාවේ නියෝර්ක් නගරයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් අද (23) දිනයේ පමනක් ගුවන් ගමන් 5,500ක් පමන අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධය පවසයි.

එමෙන්ම අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතැම් ප්‍රදේශවලට අඟල් 22 කට වඩා හිම පතනයක් සිදු ව ඇති අතර දැඩි කුණාටු තත්ත්වයක් බල පා ඇති බව සඳහන් වේ.

මෙම හිම කුණාටු තත්ත්වය බලපෑම හේතුවෙන් මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, ඩෙලවෙයාර්, නිව්ජර්සි සහ රෝඩ් අයිලන්ඩ් ඇතුළු අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර තිබේ.

මේ හේතුවෙන් එරට පාසල් ද වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන් වේ.

මේ අතර, නිව්යෝර්ක් නගරයේ අත්‍යවශ්‍ය නොවන ගමන් තහනම් කර තිබේ.

ඇතැම් ස්ථානවලට අඩි 2 දක්වා හිම පතනයක් අපේක්ෂා කරන බව නවතම කාලගුණ අනාවැකි සඳහන් කර ඇති බව වාර්තා වේ.

වසර නවයකට පසු නිව්යෝර්ක් නගරය හිම කුණාටුවකට ලක් වූ පළමු අවස්ථාව මෙය බව වැඩිදුරටත් සඳහන් වේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here