ශාසනයේ අනාගතයේ පැවැත්ම උදෙසා සාමණේර, උපසපන් හා විහාරාධිපති හිමිවරුන් කටයුතු කළ යුතු ආකාරය වැඩමුළු මගින් දැනුවත් කිරීමට ශාසන විමර්ශන සභාව ඊයේ (25දා) රැස්වී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී බුදුරජාණන් වහන්සේගේ විනය මත අදාළ භික්ෂුන් වහන්සේලා කටයුතු කළ යුතු බවට දැනුවත් කළ යුතු බවට සාකච්ඡා කර ඇත.
පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථානයේ පැවැති මේ සාකච්ඡාවේදී මිනිසුන්ගේ ශ්‍රද්ධාව පිරිහෙන පරිදි හැසිරෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් එවැනි යම් යම් කටයුතු පිළිබඳවත් ශාසන විමර්ශන සභාවේ අවධානය යොමුව සාකච්ඡා කෙරුණු බව මේ රැස්වීම පිළිබඳව අදහස් දක්වමින් අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ ‘දිවයින’ට ඊයේ ප්‍රකාශ කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









