රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළදී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත , මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති .
මෙම හිමියන් 11/25 දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය කටුනායක බළා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර , එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙකු , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ .
ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත .
පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසුව , සිය නිශ්කාශන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි සොයත්දී ගමන් මල්ල තුළ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වී තිබේ .
ඒ තුළ යූරෝ 250 ක් , ස්ටර්ලින් පවුම් 100 ක් , ඇමෙරිකානු ඩොලර් 250 ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක් ද විය . වහා ක්‍රියාත්මක වූ හිමියන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර , පොලීසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය සදහා හිමියන් ද සමග පැමිණ තිබේ .
එහිදී එම චීන ජාතිකයන් වහ වහා ගුවන් තොටුපොළෙන් ත්‍රිරෝද රථයක නැගී පළා යන දර්ශන දැක ගත හැකි වූ අතර , ගුවන් තොටුපොළ ත්‍රීරෝද රථ සංගම් වල සහායෙන් එම ත්‍රීරෝද රථය හදුනා ගෙන , චීන ජාතිකයන් දෙදෙනා , එම විදේශීය මුදල් තොගය සමග අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ .
පසුව සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී මෙම මුදල් රැගෙන මෙම චීන ජාතිකයන් දෙදෙනා අද (26දා) දින කොළඹ කැසිනෝ ක්‍රීඩාව සදහා සැළසුම් කර තිබූ බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයන් වන්නේ 31 හැවිරිදි චෙන් මින් මින් සහ 58 හැවිරිදි චෙන් ක්‍රියු නැමැත්තන් ය .
Saru FM Media









