හිත රිදුණු අවිශ්ක ශ්‍රී ලංකා ක්‍රිකට් හැරයයි

0
3

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී සිදුකළ පුහුණුකරු මාරුවීම් සහ නව පත්වීම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩක අවිශ්ක ගුණවර්ධන මහතා මෑතකදී  ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ  කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුයක්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ඔහුගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම පසුගිය තරගාවලි කිහිපයකදීම විශිෂ්ට දක්ෂතා දැක්වු අතර, නැගී එන ක්‍රීඩකයින් රැසක් ජාතික කණ්ඩායම දක්වා ගෙන ඒමට අවිශ්ක ගුණවර්ධන මහතා සුවිශේෂී දායකත්වයක් දැක්විය.

A කණ්ඩායම සමඟ සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් සිටියදී ඔහුව නැවතත් යොවුන් කණ්ඩායම වෙත යොමුකිරීම මෙම අල්ලා අස්වීමට ආසන්නතම හේතුවක් බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here