හිත මට්ටු කරන් කෙට්ටු වෙන්න ඕන නම් මේ උපක්‍රම අනුගමනය කරන්න

0
11


ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමට හිතන ඔබ ආහාර පාලනය ,ව්‍යායාම කිරීම සහ ඇවිදීම ආදී නොයෙකුත් දෑ කරනවා ඇති. ඒවාට අමතරව ශරීරයේ බර අඩු කරගැනීමට උපකාරි වන මනෝවිද්‍යාත්මක කරුණු ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නෙ.

ඔබ නිවසේ හෝ වෙනත් අවන්හලක ඉන්නවා යැයි සිතන්න.ඔබ ඉදිරිපිට ඔබට ආහාරයට ගත හැකි රසවත් ආහාරත් තිබෙනවා යැයි සිතන්න.නමුත් ඔබ වහාම ඒවා පේන මානයෙන් ඉවත් විය යුතුයි.විශේශයෙන්ම අවන්හලක් වැනි ස්ථානයකදි ආහාර ප්‍රදර්ශනයට තබා ඇති ස්ථානයට පිටුපා අසුන් ගන්න අමතක කරන්න එපා

ඔබේ භාවිතයට ඔබ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා පිගානක් තෝරාගන්න.එය එක්තරා ආකාරයකට ඔබේ සිත රැවටීමක්.මෙහිදි ඔබ කුඩා පිඟානට බෙදාගන්නේ ආහාර කුඩා ප්‍රමාණයක් නිසා ඔබ අනවශ්‍ය ලෙස ආහාර ගැනීම වැළකෙනවා.හැබැයි කුඩා පිඟානෙන් දෙතුන් වරක් ආහාර ගන්න නම් හිතනවා නම් එය එතරම් නුවණට හුරු නෑ

ඔබ ව්‍යායාම නොකරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම සඳහා හුරු වෙන්න ඕන.ව්‍යායාම කිරීමෙන් බර අඩු වන බව , ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් වන බව සහ කැලරි දහනය වන බව ඔබ දැනටමත් දන්නා දෙයක්.ඒ නිසා ව්‍යායාම කිරීමෙන් ශාරිරික වාසි ලැබෙනවා මෙන්ම බර අඩු වන බව ඔබේ මනසටත් දැනුම් දීමක් කරනවා. පටන් ගන්න එකනෙ අමාරු, ඒ නිසා එක වර ලොකු කාලයක් ව්‍යායාම කරන්න අපහසු නම් පොඩි වෙලාවක් ව්‍යායාම කරමින් ආරම්භ කරන්න. ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න ව්‍යායාම කියන්නේ අත්‍යවශ්‍යයම දෙයක් නිසා සාමාන්‍ය බරක් තියෙන කෙනෙක් උනත් ව්‍යායාම කලාට වරදක් නෑ.

ඔබ අධික කුසගින්නෙන් පෙළෙමින් ඉන්න අවස්තාවකදි කිසිම වෙලාවක සුපිරි වෙළඳසැල් වලට නොයන්න වග බලාගන්න.මොකද ඔබට දකින දකින දේ මිළදී ගන්න හිතෙන්න පුලුවන් වගේම ඒ වගේ වෙලාවට ඔබට හිතකර ආහාර මොනවද අහිතකර ආහාර මොනවද කියලා වෙන් කරගන්න පුලුවන් කමක් නෑ.

ඔබේ කුස පිරෙන බව ආමාශය හරහා මොළයට සංඥාවක් නිකුත් වීමට සාමාන්‍යයෙන් විනාඩි 20 ක් පමණ ගත වෙනවා. ඔබ ඉක්මනින් ආහාර ගන්නවා නම් ඔබ වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න ඉඩ තියෙන නිසා හැමවිටම සෙමෙන් ආහාර ගන්න අමතක කරන්න එපා

ඔබ දැඩි මානසික ආතතියකින් පෙළෙන විට ඔබ වැඩිපුර ආහාර ගැනීමට හෝ ආහාර නොගෙන සිටීමට පෙළඹෙනවා.මේ අවස්ථා දෙකම ඔබේ ශරීරයට ඉතා අහිතකර අවස්ථාවන්.ඒ නිසා ඔබ යම් විදියකින් මානසික ආතතියකින් හෝ පීඩනයකින් පසුවෙනවා නම් ඔබ ප්‍රිය කරන ක්‍රියාකාරකමක හෝ යෙදී එය දුරු කරගැනීමට නුවණට හුරුයි

මෙමගින් ඔබේ බර ගැන යම් පණිවිඩයක් ඔබේ මොළයට ලබා දෙනවා.ඔබේ බර මදක් හෝ වැඩි වී නම් එය අඩු කරගැනීමට , කෑම පාලනය කිරීමට හෝ ව්‍යායාම වල නිරත වීමට ඔබට යම් උත්තේජනයක් ලැබෙනවා.ඒ නිසා දින දෙකකට වරක් වත් ඔබේ බර පරික්ශා කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි

ඔබ ආහාර ගන්නකොට පුරුද්දක් ලෙස රූපවාහිනිය නැරඹීම හෝ ජංගම දුරකතනය භාවිතා කරන කෙනෙක් නම් ඒ පුරුද්ද හැකි ඉක්මනින් නතර කරන්න ඕන.එයින් ආහාරය වෙත තියන ඔබේ අවධානය නැති වෙලා ඔබ දිගින් දිගටම ආහාර ගැනීමක් සිදු වෙනවා.ඔබ කොපමණ ආහාර ගත්තද , ඔබ මොනවද ආහාරයට ගත්තේ යන්නත් ඔබට මතකයක් නැතිවෙන්න පුලුවන් .ඒ නිසා කිසිම වෙලාවක ඔබ ආහාර ගන්නකොට ඒ වරද කරන්න එපා

සෞඛ්‍ය සම්පන්න බව ,එහෙමත් නැත්තම් නීරෝගි බව කියන්නේ ඔබ ඉතා උනන්දුවෙන් පවත්වාගෙන යායුතු දෙයක්.ඉතින් ඒ සඳහා ඔබට උපකාරි වෙන මනෝවිද්‍යාත්මක කාරණා ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here