හිත නොරිදවා ගෙන නැන්දම්මා එක්ක ඉන්නෙ මෙහෙමයි

0
11


නැන්දම්මා ලේලි අර්බුදය ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. අපේ ෆේස්බුක් සමූහයේ නිර්නාමික ගැටළුවලින් 99%ක්ම බැඳී පවතින්නේ නැන්දම්මා ලේලි අර්බුදය ගැන.

නැන්දම්මා විෂ සහිත වෙන්න පුලුවන්. පාලනය කරන සුළු වෙන්න පුලුවන්. මොනවා කරත් ඔයාගේ හිත රිද්දනවා වෙන්න පුලුවන්

ඒත් කොහොමද මේ ප්‍රශ්නේ Smart විදියට විසඳාගන්නේ?

අපි අද ඒ ගැන කතා කරමු.

ඔබේ සහකරු සමඟ ඔවුන්ගේ මව ගැන කතා කරන්න. තම මව ටොක්සික් බව ඔබේ සහකරු දැනටමත් දන්නවා ඇති. එහෙම නැත්නම් ඔබේ සහකරු තම මව සැබවින්ම හිංසාකාරී බව නොදැන සිටිය හැකියි. මේ තත්වය ගැන ඔබට කොතරම් බැරෑරුම් ලෙස හැඟෙනවාද යන්න ඔහුට තේරෙන්නේ නැතුව ඇති. ඔබ ඔබේ නැන්දම්මා සමඟ ඇති ගැටලු විසඳීමට අදහස් කරන්නේ නම්, ඔබ පියවර ගැනීමට පෙර ඔබේ සහකරු සමඟ ඇය ගැන සංවාදය කරන්න. කඩිමුඩියේ හෝ කෝපයෙන් නොව පුද්ගලිකව සන්සුන් සංවාදයක් පැවැත්වීමට උත්සාහ කරන්න. ඇය අතීතයේදී ද ඉතා සැරපරුෂ සහ විෂ සහිත ද නැත්නම් මෙය ඔබට පමණක් පොදු කාරණාවක් ද යන්න ගැන සොයා බලන්න. ඔහු තමන්ගේ අම්මා හරි කියලා කියනවානම් පවුල් උපදේශනයට යොමු වීමත් හරිම වැදගත්.

ප්‍රශ්නය මතු වෙන තැන හොයා ගන්න

හොඳම දේ ඔබෙ පවුලට ලබාදීම ගැන ඇයට ගැටළුවක් තියෙනවාද කියලා හිතලා බලන්න. ඔබ උයන දේවල්, දරුවන් බලා ගන්නා ආකාරය සහ සංස්කෘතික කාරණා ගැන ඇය ඔබ සමඟ ගැටුම් ඇති කරගන්නවානම් ගැටළුව තියෙන්නේ එතැන වෙන්න පුලුවන්. මේ වගේ දේවල් කාලා වැඩක් නෑ, දරුවෝ අනිවාර්යයෙන් දහම් පාසල් යන්න ඕනෑ, දරුවන්ට ඩයපර්ස් හොඳ නෑ වගේ කාරණා වලට ඇය ගැටුම් ඇති කර ගන්න පටන් ගන්නවානම් ඒ වගේ කාරණා සහ අද තත්ත්වය ගැන ඇය එක්ක හෙමින් කතා කරන්න. 

මේ සඳහා සහකරුගේ උදව් අවශ්‍ය වෙනවා. ඔබේ නැන්දම්මා සමඟ නොගැටීමට ඔබ තීරණය කළ හැකියි, දුරකථන ඇමතුම් වලට උත්තර දෙන්නේ කවුද, ඇයව බලන්න නිතරම ඔබත් එන්න ඕනෑද වගේ දේවල් ගැන කතා කරලා එකඟතාවයකට එන්න.නමුත් ඇය සමඟ අඩු කාලයක් ගත කිරීමටවත් ඔබට සිද්ධ වෙන්න පුලුවන්. සමහර පවුලේ උත්සව එහෙම මඟ හරින්න අසීරුයි. ඔබට ඇය සමඟ කොපමණ කාලයක් ගත කිරීමට පුලුවන්ද සහ ඒ කුමන අවස්ථා තුළද යන්න සහකරු සමඟ එක්ව තීරණය කරන්න.

කුඩා ළමයෙක්ට මෙන් බැන වැදීම් දරා ගත යුතු නැහැ. Silent Treatment වැනි දේවල් ද විශාල මානසික අපයෝජනයන්. ඔබ ඇය සමීපයේ සිටියදී මෙවැනි තත්ව වලින් මානසිකව සහ වාචිකව අපයෝජනය වෙනවානම් ඒ නිවසේ රැඳී නොසිට වෙනත් නිවසකට යන්නට සැමියාට යෝජනා කරන්න.

“අම්මා මේ කතා කරන්නේ අත්දැකීම් වලින් කියලා මං දන්නවා. ඒත් මගේ ගේ ඇතුළේ කරන්න ඕනෑ හොඳම දේ තීරණය කරන්න පුලුවන් තරම් මම වැඩුණු ගෑනියෙක්”  බව ඇයට කියන්න. ඒ වගේම ඇය අපවාදාත්මක කතා කියනවානම් ඔබ එයට අකමැති බවත් ඔබ කැමති චෝදනා කෙලින් ඇසීමට මිස නින්දා විඳීමට නොවන බවත් මතක් කරන්න.

ඔබ නැන්දම්මා නිසා සැමියා සමඟ ගැටුම් ඇති කරගන්න එපා. කෙටියෙන් කියනවානම් ඔබේ දික්කසාදයට හේතුව ඇය කර ගන්නට එපා. ඔබට ඔබේ සැමියා සමඟ ඔබේ මානසික පීඩා විස්තර කරන්නට කාලයක් අවශ්‍ය වේවි. ඉන්පසු ඇගෙන් ඈත් වී ජීවත් වන ආකාරය පැහැදිලි කර ගන්නට පුලුවන්. ඒ වගේම ඔබ ආපස්සට ගැටුම් ඇති කර ගැනීමත් කරන්න එපා. ඇය ගැන අනිත් ඥාතීන් සමඟ කේලම් කියන්නත් එපා

මනෝ වෛද්‍ය උපදේශනය බොහෝ ගැටළු සහ අවාසනාවන්ත සිදුවීම් වළක්වනවා. ඒ නිසා උපදේශනයකට යොමු වීම කරන්නට ඕනෑ මොකක්ද කියලා තීරණය කරන්න. සමහරවිට ඔබ නොදන්නා තැනකින් ගැටළුව විසඳා ගන්නට පොටක් පෑදෙන්නට පුලුවන්.

ජීවිතය ප්‍රශ්න පත්තරයක්. ඒත් ස්මාර්ට් කෙල්ලක් හැටියට ඒ ප්‍රශ්න පත්තරයට සියයට සීයක් ළකුණු ගැනීම ඔබට කරන්න පුලුවන් දෙයක්. ඒ නිසා සවිමත්ව ඉන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here