හිතුමතේට කැල්සියම් පෙති බිව්වොත් වෙන්න පුලුවන් අහිතකර දේවල් ගැන ඔබ දැනුවත් ද?

0
11


කාන්තාවන්ට බහුලවම කැල්සියම් ඌනතා ඇති වෙනව කියන මතය නිසා සිරුරට අනිසි ලෙස කැල්සියම් ලබා ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙනව. නමුත් ඕනෑම විටමින් හෝ පෝෂණ සංගටකයක් සිරුරට බාහිරින් කෘතිමව ලබා ගැනීමේදී ඉතාම සැලකිලිමත් වියයුතු කරුණු තියනව. එම කරුණු ගැන වගේම එසේ සැලකිලිමත් නොවුනොත් විය හැකි අතුරුප්‍රථිඵ්ල ගැනත් තමයි මේ ලිපිය.

කැල්සියම් අප සිරුරට අවශ්‍ය ප්‍රධානම සංඝටකයක් බව ඔබ දන්නවා.දත් ඇතුලු අස්ථි පද්ධතිය වර්ධනය සඳහා කැල්සියම් අපට අවශ්‍ය වෙනවා.ඉතින් කැල්සියම් නිසි පරිදි ලබා ගැනීම කෙතරම් අවශ්‍ය දෙයක්ද කියා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

නමුත් බොහෝ දෙනෙක් ස්වාභාවික ආහාර වලින් නොමැතිව කෘතිම ලෙසත් කැල්සියම් ලබා ගන්නා අවස්ථා අප දැක තිබෙනවා.ගැටලු ඇති වන්නේ එසේ ලබා ගන්නා කැල්සියම් මාත්‍රා ගැනයි.

නැහැ.අස්ථි පද්ධතියට අමතරව රුධිරය,මාංශපේශිවල,සෛල අතර ඇති පටක තරලය තුළ ද කැල්සියම් අඩංගු වෙනවා.කෙනෙක් ඉපදුණු දා සිට ම මිය යන තෙක්ම සිරුරට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක් ලෙසට calcium හඳුන්වන්නට පුළුවන්.

අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යාමට,සිරුරේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිදු වීමට,රුධිර නාළ සහ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීමට ,ශරීරයට අවශ්‍ය හෝර්මෝන සහ එන්සයිම ස්‍රාවය කිරීමට වගේම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ද කැල්සියම් ඉතාමත් අවශ්‍ය වෙනවා.

වැඩුණු පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන උපරිම කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 2000ක් පමණයි.

ආදියේ කැල්සියම් බහුලව අඩංගු වෙනවා.
ඒ වගේම කෘතිම ලෙස කැල්සියම් ලබා ගැනීම එතරම් හිතකර තත්වයක් නොවේ.ස්වාභාවික ආහාරයක් ඔස්සේ කැල්සියම් ලබාගැනීමේදී එම ආහාරයේ අඩංගු වෙනත් පෝෂ්‍යය පදාර්ථ ද ශරීරයට ලැබෙනවා.ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර බොහෝමයක් තන්තු වලින් යුතු නිසා ඒවා සිරුරට ඉතාමත් ගුණ දායක වනවා.

සැලකිලිමත් වන්න !

හැකිතාක් ස්භාවිකව සිරුරට කැල්සියම් ලැබෙන ආහාර හරහා කැල්සියම් නිසි පරිදි සිරුරට එක් කර ගන්න.
විශේෂයෙන් කුඩා දරුවන්ගේ කායික වර්දනයට කැල්සියම් අවශ්‍ය නිසා හැකිතාක් කැල්සියම් බහුල ආහාර දරුවන්ට ලබා දෙන්න.

කිසිවිටෙක විටමින් අතිරේක ලෙස කෘතිමව කැල්සියම් සිරුරට ලබා ගැනීමට ඉක්මන් වෙන්න එපා. ඒ සදහා ක්‍රමානුකූල පර්‍යේශන වලින් පසුව වෙද්‍යවරයෙක් විසින් නිර්දේශ කිරීමක් කරන තෙක් සිටින්න.

වෙද්‍ය නිර්දේශකින් වුවත් ඔබ ලබා ගන්නා කැල්සියම් ප්‍රමාණය කොයිතරම් කාලයක් ලබා ගත යුතුද කියන කාරණය වෙද්‍යවරයාගෙන් පැහැදිලි කර ගන්න. මොකද අනවශ්‍ය කාලයක් කැල්සියම් පෙති බලා ගැනීම හරහාත් ඉහත කී සංකූලතාවයන් වලට ලක් වෙන්න ඉඩක් තියන නිසා.
ඒ වගේම ගර්භණී මව්වරුන්ට හා කිරිදෙන මව් වරුන්ට අවශ්‍ය නියමිත කැල්සියම් ප්‍රමාණය වෙද්‍යවරුන් හෝ සෞඛ්‍යය වෙද්‍ය නිලදාරී කාර්‍යාලයේන් හෝ ලබා දෙන විට නිවැරැදිව එය ලබා ගන්න. ඒ පිළිබද කුකුසක් ඇති කර ගන්න එපා.

ඉතින් හිතු මනාපෙට නොව පමණ දැනගෙන කැල්සියම් පාවිච්චි කරන්නට අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here