හිතාමතාම වීථි සුනඛයෙක් යටකළ කාන්තාව රිමාන්ඩ් කෙරේ

0
1

වීථි සුනඛ ධේනුවක් මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. ඒ සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉකුත් 14 වැනිදා පන්නිපිටිය අඹගස්දූව ප්‍රදේශයේදී අදාළ කාන්තාව හිතා මතාම සිය මෝටර් රථයට යට කර එම සුනඛ ධේනුව ඝාතනය කර ඇති බව සීසීටීවී දර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශයේ සියලු දෙනාගේම ආදරය හා කරුණාව දිනාගත් බ්ලැකී යන ආදර නාමයෙන් හැඳින්වූ මෙම සුනඛ ධේනුවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කොට්ටාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here