හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට එරෙහි නඩුවක් කල් යයි

0
9


වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටිම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු ාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු වල විභාගය ජුලි මස 31 දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා. 

එහෙත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද දින නඩු කටයුතුවලට සහභාගී නොවූ බැවින් එම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශන කැකුණවල මහතා ඉදිරියේ.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ අදාළ නඩුව  විභාගය සඳහා ජූලි මස 31 වන දක් කැඳවන ලෙසයි. 

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සහ මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර හතක් ඉදිරිපත් කර තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here