හිටපු පොලිස් නිලධාරියෙකු අයිස් සමග අල්ලයි

0
9


අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53ක් ළඟ තබා ගෙන සිටි හිටපු පොලිස් නිලධාරියෙකුව නොරච්චෝලේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි කල්පිටිය – ඒත්තාල , ආන්දන්කන්නිය පදිංචි පුද්ගලයෙක්.

සැකකරු පොලිස් සේවයේ යෙදී සිටියදී ගංජා ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත්ව තිබුණා.

පසුව ඔහුගේ සේවය අත්හිටුවීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව දින 07 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here