හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඇප!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික විදෙස් සංචාරයකට අදාළව රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අනුබල දුන් බවට එල්ල වූ චෝදනා මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

විමර්ශන නිලධාරීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද, දෙපාර්ශ්වයේම තර්ක සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.

මෙම නීතිමය තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අදාළ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

The post හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඇප! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here