හිටපු ජනාධිපති රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසම හමුවට

0
6


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබෙනවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 09යි 30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
 

මේ අතර මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවති පළාත් පාලන නියෝජිතයින් හමුවකදී, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · RANIL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here