හිටපු ජනාධිපතිවරුන් භාවිත කළ අමතර රජයේ වාහන ආපසු ලබා දෙන ලෙස කර තිබූ දැන්වීම අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක හැර ඉතිරි සියලු දෙනා යහපත් ප්‍රතිචාර දක්වා ඇත.
මහින්ද රාජපක්‍ෂ භාවිත කළ ‘ලෑන්ඩ් කෲෂර් වී එයිට්’ අමතර රථය, මෛත්‍රීපාල සිරිසේන භාවිත කළ ‘ලෙක්සස් ඩිෆෙන්ඩර්’ අමතර රථය, ගෝඨාභය රාජපක්‍ෂ භාවිත කළ ‘ලෑන්ඩ් රෝවර්’ අමතර ජීප් රථය මෙන්ම රනිල් වික්‍රමසිංහ භාවිත කළ ‘ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ’ අමතර රථය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ආපසු භාර දී තිබෙන බව ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරුන් හට භාවිත කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කිරීම අනුව යමින් මෙම අමතර රථ භාර දී තිබේ.
Saru FM Media