හිටපු ජනපති රනිල්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

0
9


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර තිනෙබවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ නඩුවට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතිනවා.

ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශයන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

අල්ලස් කොමිසම මගින් ‍හිටපු ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here