හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
ඒ මහතා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූයේ පසුගිය 18 වනදා ය.
ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (21) දිනයේදී සාමාන්‍ය කාමරයකට යොමුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම හෘද සැත්කම සිදුකර ගන්නා ලෙස වෛද්‍යවරුන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද ඒ මහතා තමන්ගේ සෑම කාර්යයකදීම මෙන් සුපුරුදු පරිදි එම සැත්කමත් අවස්‍ථා කිහිපයකදීම කල්දමා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

The post හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්වය සුව අතට appeared first on LNW Sinhala.
Saru News
















