හිටපු ජනපති මෛත්‍රිගේ පෙත්සමක් සම්බන්ධයෙන් දුන් තීන්දුව

0
1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට තබා තිබේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වූ පුද්ගලයෙකු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විය.

එහි විභාගය අද දින (27) අවසන් වීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මඩුල්ල විසින් පසුවට කල් තැබීය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here