හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි.
එම දින 14ක කාලය අදින් අවසන් විය.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම කියයි.
Saru News
















