Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හිටපු ජනපතිලාගේ අතිරේක වාහන බාර දෙන්න කීවාම චන්ද්‍රිකා විතරක් මගඇරලා

හිටපු ජනපතිලාගේ අතිරේක වාහන බාර දෙන්න කීවාම චන්ද්‍රිකා විතරක් මගඇරලා

0
5


when-asked-to-hand-over-the-former-presidents-additional-vehicles-only-thesatellites-were-missed

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනෙක් තමන් පාවිච්චි කළ අතිරේක වාහන මේ වන විට ජනාධිපති කාර්යාලයට බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් සියලුම හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම අතිරේක වාහන ජනාධිපති කාර්යාලයට භාර දී තිබෙන බව

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා විසින් හිටපු ජනාධිපතිවරුන් වෙත ලිඛිතව දැනුම් දුන් පරිදි,


ඔවුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබූ වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ඉල්ලා සිටින ලදී. අප්‍රේල් 19 වැනිදා නිකුත් කළ මෙම ලිපියෙන් අප්‍රේල් 23 වැනිදාට පෙර අදාළ වාහන ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙස දන්වා තිබිණි.
මෙම ලිඛිත දැනුම් දීම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් වෙත යොමු කර තිබිණි.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් ක්‍රෂර් වී8 රථය පසුගිය 28 වැනිදා ජනාධිපති කාර්යාලයට බාර දී ඇත. එමෙන්ම, මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කළ ලෙක්සස් ඩිෆෙන්ඩර් රථය අප්‍රේල් 24 වැනිදා ද, ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය අප්‍රේල් 23 වැනිදා ද, රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් ක්‍රෂර් ප්‍රාඩෝ රථය අප්‍රේල් 28 වැනිදා ද ජනාධිපති කාර්යාලයට බාර දී ඇති බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයකට අනුව, කැබිනට් අමාත්‍යවරයකුට භාවිත කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කර ඇත.


හිටපු ජනාධිපතිවරුන්ට ද හිමි වන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින්, ඔවුන්ට හිමි වාහන ගණන ද දෙකකට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැහැදිලි කළේය. ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දුන් වාහන තුනෙන් එකක් නැවත භාර දෙන ලෙස දැනුම් දුන්නේ ඉහත චක්‍රලේඛයට අනුකූලව බවද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ දක්වා වාහනයක් භාර දී නොමැති එකම පුද්ගලයා වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සතුව පවතින අතිරේක වාහනය ලබා ගැනීම සම්බන්ධයෙන් නැවත සිහිපත් කිරීමක් කරන බවද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here