හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 24 – Saru News | සිංහල

0
2

හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට එරෙහිව දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (27) නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරු නියෝග කර ඇත.

හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත්තේ 2014 වසරේ මැයි දින පෙළපාලියට සහභාගි වන සිය ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක (රු. 320,000) මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර `දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමිනි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here