හිටපු ඇමති දුමින්ද දිසානායක අත්අඩංගුවට !

0
2


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය අඟහරුවාදා (20) කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධ විමර්ශනයට අදාළව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව හිටපු ඇමති දුමින්ද දිසානායකව අද (23) පෙරවරුවේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here