රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවක් මාර්තු 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර ඇති බව වාර්තා වේ. දූෂණය නමැති වරද සිදු කළේ යැයි මේ වන විට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා ලබා සිටී.
2015 ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙන අතර, එහි විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර සිටී.

The post හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින! appeared first on LNW Sinhala.
Saru News








