හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේදී අද (23) උදෑසන මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ඉන් බරපතළ තුවාල ලබා ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
මෙම අනතුර සිදු කළ මෝටර් රථය පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේදී රෝගීයෙකු බැලීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ගමන් කරමින් සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පොළොන්නරුව දෙස සිට හිගුරක්ගොඩ දෙසට ධාවනය කර ඇති බව ඔහු පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සීසීටීවී දර්ශන ඔස්සේ මෙම අනතුර සිදු කර පළා ගිය මෝටර් රථය සොයා හිගුරක්ගොඩ පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ.
Saru News













