හිඟයකින් තොරව සහල් ලබාදීමට සහල් ආනයනයට අවධානය

0
18


පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 05 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීයි.

අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වන බවයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පවසන්නේ.

මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම, මේ වසරේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අවස්ථා දෙකකදී වගා හානි සිදුවීම නිසා අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු පහළ යෑමක් ද සිදු වූ බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here