හික්කඩුව, කුමාරකන්දේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි

0
17


හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක් ආසන්නයේ පසුගිය 03 වනදා රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ කාන්තාවකට තුවාල සිදුකළ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (07) දහවල් හික්කඩුව, ගිනිමැල්ලගමහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ දී 03 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

එහිදී තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඇතුළත් කෙරුනේ කරාපිටිය මහ රෝහලටයි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here