අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා .
මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරුයි
රාත්‍රී 7ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව පොලීසිය පවසනවා .
එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා .
තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වයද බරපතළ බවයි වාර්තා වන්නේ .
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ .
Saru FM Media