Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ රන් අ‍ාලේපිත T56 ගිනි අවිය දුමින්දගේලු

හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ රන් අ‍ාලේපිත T56 ගිනි අවිය දුමින්දගේලු

0
2


dumindagelu-the-gold-plated-t56-firearm-in-the-havelock-city-housing-complex

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකගේ ගමන් මල්ලක් තුළින් සොයාගත් රන් ආලේපිත T56 ගිනි අවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලනඥ දුමින්ද දිසානායකගේ සම්බන්ධතාවයක් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇත්තේ හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි කාන්තාවගේ නිවසට යවා එය සඟවා තබන ලෙස උපදෙස් දී ඇති බවයි.
 හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (21 වැනිදා) අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් ඇත.


පොලිස් විමර්ශනවලින් තව දුරටත් අනාවරණය වී ඇත්තේ එම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි 68 හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකු වන බවයි. මෙම කාන්තාව මෙම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බව පොලිස් විමර්ශනවලින් නිගමනය වී ඇත.
මෙම බෑගය මාස හයක් තිස්සේ එම කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන ඇත. එම අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම අහම්බ සිදුවීම නිසා මෙම බරපතල සිද්ධිය ප්‍රසිද්ධියට පැමිණීමට හේතු වී ඇත.
මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදී වන අතර පසුව ඔවුන් ඒ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීනපන්නයේ T56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.


මෙම T56 ගිනි අවිය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ප්‍රධාන ගිනි අවි වර්ගයකි. මෙම අවියක් සිවිල් පුද්ගලයකු සන්තකයේ තිබීම බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්නයකි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාද අත්අඩංගුවට ගැනීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here