කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක තිබී පොලීසිය විසින් ටී-56 ගිනි අවියක් සොයා ගැණුනා.
ඒ, වැල්ලවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂා කිරීමකදීයි.
අදාළ නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් විසින් සිය නිවසට ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු ඒ බව පොලීසිය දන්වා තිබෙනවා.
පසුව එම ස්ථානයට පැමිණ වැල්ලවත්ත පොලීසිය නිවස පරීක්ෂා කර ගමන් මල්ලක බහා තිබූ රන් ආලේපිත ටී-56 ගිනි අවියක් සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන බවයි.
එම ගිනි අවිය රැගෙන ආ කාන්තාව සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media